අලුත් අවුරුදු සමයෙන් පසු ඉන්ධන බෙදා හැරීමේ ගැටළුවක් මතුවිය හැකි බව ,ඛනිජ තෙල් පුද්ගලික බවුසර හිමියන්ගේ සංගමය පවසනවා.
එහි ප්රකාශයකයකු පැවසුවේ මෙම වසරට අදාළ ඉන්ධන බෙදා හැරීමේ ගාස්තු මේ දක්වාම ගෙවා නොමැති බැවින් දැඩි පියවරකට යොමුවීමට සිදුවිය හැකි බවයි.
වෙනත් වසරවල මෙම ගාස්තු මේ වන විට ගෙවා අවසන් කිරීම සිදුවුවද මෙවර ගෙවීම් සිදු නොකරන තත්ත්වයක් පවතින බවයි පෙන්වා දී ඇත්තේ.
මේ සමග බවුසරවල රියදුරන්ට ගම්බිම් බලා යාමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි සංගමය පවසන්නේ.
මෙම තත්ත්වය තුල අවුරුදු සමයෙන් පසු ඉන්ධන බෙදා හැරීමේ ප්රමාදයක් මතුවිය හැකි අතර එහි වගකීම ඛනිජ තෙල් සංස්ථාව හා බලදාරීන් දැරිය යුතු බවයි , ඛනිජ තෙල් පුද්ගලික බවුසර හිමියන්ගේ සංගමය අවධාරණය කරන්නේ.