අවුරුදු සමයේ නුවරඑළි – කතරගම ගිය බහුතරයකට කොරෝනා

අලුත් අවුරුදු කොරෝනා පොකුරේ ආසාදිතයින් බහුතරය අවුරුදු සමයේ නුවරඑළිය සහ කතරගම චාරිකා වල නිරතවූවන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා අනාවරණ කළා.
ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට ආසාදිතයින් පැතිරීමේ වේගය අතින් ලංකාව ඉන්දියාවේ තත්ත්වය ට සමාන වීමේ අවදානමක් ඇති බවයි.
මේ අතර ඊයේ දිනයේ සිදුකළ පී සී ආර් පරීක්ෂණවලට සාපේක්ෂව ආසාදිතයන් වාර්තාවීම 15 ට 1 ක මට්ටමේ පවතින බවයි අනාවරණ කර ඇත්තේ.

පුවත යවන්න