සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක නොවුණහොත් වෙසක් උත්සවයේදී තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවයි.
වෙසක් සමයේ දී දන්සල, වෙසක් තොරණ ඉදි කිරීමට අවසර ලබාදීමේ දී දැඩි සෞඛ්‍ය නීති රීති පැනවීමට සිදු වන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. ජනතාව සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ක්‍රියාත්මක කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පල කරයි. වෙසක් උත්සවයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම මස අවසානයේ සකස් කරන බව අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා කියා සිටියාය.
විදේශීය රටවල පැතිර යන කොවිඩ් ප්‍රභේද වැලඳුණු රෝගීන් කොළඹින් හමුවීම නිසා දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද ඇය පෙන්වා දුන්නාය. -උදයජීව ඒකනායක