අහසේ දිස්වූ නැවේ අබිරහස විසදෙයි – Images

එංගලන්තයේ කෝර්න්වෝල් හි ෆැල්මත් ප්‍රදේශයේදී සාගර ජල මට්ටමට ඉහළින් නෞකාවක් දිස්වීමේ සිද්ධියේ අබිරහස විසඳී තිබෙනවා.
BBC පුවත් සේවය වාර්තා කළේ අදාළ ජායාරූප පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු මෙම තත්ත්වයට හේතුව හඳුනාගත් බවයි.
මුහුදු ජලයට ඉහළින් පාවෙන නැවක් සහිත මෙම ජායාරූපය ලබාගෙන තිබුණේ , ඩේවිඩ් මොරිස් නැමති පුද්ගලයෙක්.
එහිදී සිතිජයට ඉහළින් අහසේ මෙම නෞකාව පාවෙන ආකාරයෙන් සටහන්ව තිබුණා.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ , ආක්ටික් කලාපයේ සුලබව දැකිය හැකි මෙම මායාව බ්‍රිතාන්‍යයේද ශීත සෘතුව තුළදී වරින් වර දිස්වන බවයි.
සිසිල් වාතය මුහුදට ආසන්නව පවතිද්දී ඊට ඉහළින් උණුසුම් වාතය රැඳෙමින් හටගන්නා උෂ්ණත්ව අපවර්තනය නමින් හැඳින්වෙන කාලගුණ තත්ත්වයක් මත මෙම අති සුවිශේෂ මිරිඟු තත්තවය හටගන්නා බවද හෙළිකර තිබුණා.
උණුසුම් වාතයට වඩා සිසිල් වාතය ඝනවීම හේතුවෙන් එයින්ල භූමියේ හෝ වෙරළේ සිටගෙන ඉන්න කෙනෙකුගේ දෑස වෙත ආලෝකයේ නැම්මක් ඇති කරන්නේ වස්තුවක් පෙනෙන දුරස්ථභාවයේ වෙනසක් කරමින් බවයි බි බී සී කාලගුණ විද්‍යාඥයන් පවසන්නේ.
ඒ අනුව මුහුදේ ගමන් කළ මෙම නෞකාව අහසේ දිස්වීම මිරිගුවක් බවයි තහවුරු කර ඇත්තේ.

Hovering ship pictured off the coast of CornwallHovering ship photographed off the coast of Cornwall

පුවත යවන්න