2021-2022 අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.
ඒ ඛෙල්බන්හිදී පැවති තුන්වන තරගය ඉනිමක සහ ලකුණු 14කින් ජය ගනිමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහදුන් එංගලන්තය සිය පළමු ඉනිමට රැස්කළේ ලකුණු 185ක් පමණයි.
ඔස්ට්‍රේලියා පළමු ඉනිම ලකුණු 267යි.
දෙවන ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 68කට සීමා කරමින් තරගය ජය ගන්නට ඔස්ට්‍රේලියාව සමත්වුණා.
ඒ අනුව තරග පහකින් සමන්විත අළු බදුන තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජය ගන්නට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකිවුණා.