ආණ්ඩු පෙරළිය නීති විරෝධීයි / ජවිපෙ පාර්ලිමේන්තු කොමිසමක් ඉල්ලයි-Audio

නීති විරෝධී ආකාරයෙන් බලහත්කාර ලෙස ආණ්ඩු පෙරළියක් සිදුව ඇති බැවින් ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සදහා පාර්ලිමේන්තුව විසින් කොමිසමක් පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙය සාකච්ජා මගින් විසදාගෙන ගැලවීයාමට ජනතා විමුක්ති පෙරමුණ අදාළ පාර්ශවයන්ට ඉඩ නොදෙන බවයි.