ආනයන සීමා අතහැරියොත් ඩොලරය හා භාණ්ඩ මිල ඉහළට- ආනයනකරුවන්ගේ සංගමය

භාණ්ඩ ආනයනය සඳහා මේ වන විට පනවා පවතින සීමා ලිහිල් කරනු ලැබුවහොත් ඩොලරයේ වටිනාකම යළි ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අද ප්‍රකාශ කළා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ මේ සමග යළිත් භාණ්ඩ මිල වර්ධනය වීම වැලැක්විය නොහැකි බවයි.

ඩොලරාය් වටිනාකම අඩු වීමට සාපේක්ෂව මේ වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වල මිල ගණන් අඩු වී ඇති බව ද මෙහිදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා ප්‍රමාණවත් වන ආහාර තොග වෙළඳ පොලේ ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ .

මේ අතර පාරිභෝගිකයන් චෝදනා නගන්නේ ඩොලරයේ පහතයාමට සාපේක්ෂව සාධාරණ මට්ටමේ මිල ගණන් පහත යාමක් සිදුව නොමැති බවයි.
අල ලූණු , සීනි , පරිප්පු ආදි ද්‍රව්‍ය මිල ගණන් පහත ගොස් තිබුණද බොහෝ ආනයනික භාණ්ඩ මිල තවදුරටත් පැවති මිල හෝ ඉන් ඔබ්බට ගමන් කර පවතින බවයි පෙන්වා දී තිබුණේ.
මේ සදහා රජයේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය සාධකයක් ලෙසද මහජනතාව පෙන්වා දී තිබෙනවා.

පුවත යවන්න