ආයුධ මිලදී ගන්න ඉන්දියාවෙන් බංග්ලාදේශයට ණයක්

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතාගේ බංග්ලාදේශ සංචාරය අතරතුර දෙරට අතර සබඳතා තර කර ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දෙරට අතර ආරක්ෂක ගිවිසුමක් හා වෙරළආරක්ෂක ඒකාබද්ධ මෙහෙයුමක් සදහා ගිවිසුම් අත්සන් තබා ඇති බවයි බංග්ලාදේශ පුවත් සේවා පවසන්නේ.
ඉන්දියාවෙන් අවි ආයුධ ඇතුළු උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 50 ක ණය ආධාරයක්ද මෙහිදී බංග්ලාදේශයට ලබාදී තිබෙනවා.
එසේම බංග්ලාදේශයේ නිවාස 2000 ක් ඉදිකිරීමටද ඉන්දියාව එකඟ වූ බවයි මෙම වාර්තා පවසන්නේ.

පුවත යවන්න