ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට / දෙවෙනි සැකකරු ලෙසත් නම් කරයි

2009 වසරේ තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස   අද අධිකරණයේදී  නම් කෙරුණු   ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල්  රවින්ද්‍ර විජේගුණරත්න මහතා  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද නඩුව අධිකරණයේදී  කැඳවු අවස්ථාවේදී  රහස් පොලීසිය විසින්   ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු  ලෙස නම් කිරීමෙන් පසුවයි මෙසේ අත්අඩංගුවට ගැණුනේ.

සැකකරු අද පෙරවරුවේ නිල ඇදුමෙන් අධිකරණයේ පෙනී සිටි අතර පස්වරුවේ සාමාන්‍ය ඇදුමින් සැරසී අධිකරණයට පැමිණ සිටියා.