ආර්ථිකය වේගයෙන් සාමාන්‍ය තත්ත්වයට එනවා / ඉන්දියාව හෙළිකරයි

ඉන්දීය ආර්ථිකය ඉතා වේගයෙන් ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව අනාවරණ කර තිබෙනවා.
ඒ කොරෝනා වසංගතය සමග ඇතිවූ දැවැන්ත පරිහානියෙන් පසුවයි.
ඉන්දියාවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අනුරාග් තාකූර් මේ බව සදහන් කර ඇත්තේ ඉන්දීය ලෝක් සභාව අමතමින්.
එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මෙම වසරේ ගතවූ කාලය තුල ඉන්දීය ආර්ථිකයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
පසුගිය වසරේ මුල් මාස 3ට සාපේක්ෂව මෙවර වර්ධනය කැපී පෙනෙන බව ද ඔහු අවධාරණය කළා.

පුවත යවන්න