මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට ලබාදීමට තීරණය කිරීම පිළිබද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කෝප් කමිටුවේදී සිදුකර තිබුණා.
ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ කොප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදීයි.
එහිදී විදුලි බල මණ්ඩල සභාපතිවරයා පැවසුවේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ බලපෑමක් අනුව ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘති අදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බවයි.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු පැවසුවේ, තමන් කෝප් කමිටුව හමුවේ ඊයේ(10) කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි.
ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බවයි.
ඊයේ තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය අද(11) ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිවරයා හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බව ද ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සඳහන් කළා.