රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා හට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් යොමුකළ තර්ජනාත්මක හඬපට කිහිපයක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
කරුවලගස්වැව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ රණවරාපිටිය ප්‍රදේශයේ මාර්ගයකට මුල්ගල් තැබීමේ සිද්ධියක් පිළිබඳව ඇති වූ මත ගැටුමක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් වට්ස් ඇප් ඔස්සේ නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා වෙත මෙම හඬපටය යොමුකර තිබුණි.
ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම හඬපට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් තමන්ට යොමුකළ බවය.
මෙය පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතභේදයේ එක් අදියරක් ලෙසයි සමාජ මාධ්‍ය තුල පෙන්වා දී ඇත්තේ.