ඇලෝෂියස් / පලිසේන යළිත් රිමාන්ඩ්

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ලබන 29 වනදා දක්වායි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.