ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙකම ගත් හිටපු ඉන්දීය අගමැතිට කොරෝනා

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිං මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ , උණ රෝගය වැලඳීමෙන් පසු කොරෝනා පරීක්ෂණයකට භාජනය කළ 88 හැවිරිදි හිටපු අගමැතිවරයා ඊයේ පස්වරුවේ දිල්ලි නුවර පිහිටි රෝහලකට ඇතුළත් කළ බවයි.
මන්මෝහන් සිං මහතාට ඇස්ට්‍රා සෙනිකා පළමු එන්නත මාර්තු 04 වැනිදා ලබා දී ඇති අතර දෙවැන්න අප්‍රේල් 03 වැනිදා ලබා දී තිබුණා.

පුවත යවන්න