කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, වසංගත රෝග විද්‍යා අංශයේ කණ්ඩායමක් එම අධ්‍යනය සිදුකරන බවයි.
කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුවුව ද, මෙරට එන්නත්කරණය අත්හිටුවීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව ඇය ප්‍රකාශ කළේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයන් දෙදෙනකු මිය යාම ද එන්නතට සම්බන්ධ බවට තහවුරු කළ නොහැකි බවයි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ.