ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම තම අපේක්ෂාව බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අද මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමෙන් පසුව පැවති මහනුවර දී මාධ්‍ය හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.