ඉදිරි සති දෙකේ හානිය වැළැක්විය නොහැකියි / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු

ඉදිරි සති දෙක තුළ කවර පියවර අනුගමනය කළ ද කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

“ඉදිරි දින 14 තුළ මේ තත්ත්වය අපි මොනවා කරත් ඉතා සීඝ්‍රයෙන් ඉහළ යනවා රෝගීන් සහ මරණ සංඛ්‍යාව. ඒ නිසා රෝහල් හා සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන් වැඩිවීම කඩිනමින් පාලනය කළ යුතු වෙනවා. ආර්ථිකය සමඟ කළමනාකරණය කර ගැනීම සඳහා ආර්ථික හානිය අවම වන විදියට සියලුම සමාජ ඒකරාශීවිම් නැවැත්වීමට සිදුවනවා. දිස්ත්‍රික්ක හා පළාත් අතර සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේම අනවශ්‍ය ලෙස ආයතනවලට සේවකයින් ගෙන්වීම වහාම අත්හිටුවිය යුතුයි. රෝගීන් වැඩිවීම පාලනය කර ගත්තේ නැත්නම් ව්‍යවසනයකට තල්ලු වෙනවා. අපි ක්‍රියාමාර්ග ගන්න පහුවෙන හැම මොහොතක් පසා ම ජීවිත කිහිපයක් බිළිගන්න එක තමා වෙන්නේ. ඒ නිසා එහි වගකීම අපි සියලුදෙනා සතුවෙනවා.”

පුවත යවන්න