ඉන්දියානුවන් ලංකාවේ නිරෝධායනය කිරීම නතර කරන්නැයි නියෝග

වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ බව කියන මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

උග්‍ර කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

ඇතැම් ආයතන විසින් ඉන්දියානුවන් මෙරට දී නිරෝධායනය කර වෙනත් රටවලට යොමුකිරීමේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ අතර ඉන්දියාවේ සිට විදෙස් රටවලට ඉන්දියානුවන්ට ගමන් කිරීමට සීමා පනවා තිබීම මෙම තත්ත්වයට හේතුවයි.

පුවත යවන්න