ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාව කේන්ද්‍ර ගත කරගෙන සිදු කෙරෙන සියලු අන්තවාදී කටයුතු ඇතුළු මුහුදු ජාවාරම් වැළැක්වීමට මෙරටට අයත් මුහුදු සීමාව සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම පිණිස අධිතාක්ෂණික පහසුකම් ඇති නවීන ගුවන් යානා 2ක් ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් මෙරටට හිමිවන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පවසනවා.
මුහුදු මඟින් සිදු කෙරෙන මත්කුඩු ඇතුළු තහනම් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම අනවසර ආගමන විගමන වැළැක්වීමද මේ මඟින් වැළැක්වෙන බව ඒ මහතා සදහන් කළා.
එහි ආරම්භක පියවරක් ලෙසින් ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් මේ දක්වා ශ්‍රී ලංකාවේ නොමැති අධි තාක්ෂණික නවීන පහසුකම් ඇති ගුවන් යානා දෙකක් මේ වසර තුළදී මෙරටට නොමිලේම ලැබෙන බවයි ගුවන් හමුදාපතිවරයා පැවසුවේ.
ශ්‍රී ලංකාව මෙන් 24 ගුණයක් විශාල මෙරට මුහුදු සීමාව ආරක්ෂා කිරීම නාවික හමුදාවටත් ගුවන් හමුදාවටත් ගැටලුවක් වූ නමුත් නවීන යානා ලැබීමෙන් පසු ඒ කටයුත්ත පූර්ණ වශයෙන් සිදු කළ හැකි වන බවද ඔහු පෙන්වා දෙනවා.
එසේම නියමුවන් රහිත ගුවන් යානා යොදා ගැනීමෙන්ද මුහුදු ආරක්ෂණය තව දුරටත් සිදු කරන බව පැවසූ ගුවන් හමුදාපතිවරයා සයිබර් තාක්ෂණයද ඇතුළු නවීන තාක්ෂණික ක්‍රම අනුව මෙරට සාගර ආවේක්ෂණ කටයුතු ගුවන් මඟින් සිදු කරන බව සදහන් කලා.