ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයාට යළිත් කොරෝනා

ඉන්දියාවෙන් වාර්තා වී සිටි පළමු කොරෝනා ආසාදිතයාට දෙවන වරටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පී ටී අයි පුවත් සේවය වාර්තා කළේ , 2020 වසරේ ජනවාරි 30 වනදා ඉන්දියාවෙන් පළමු ආසාදිතයා ලෙස වාර්තා වූ ,චීනයේ වූහාන් හි සිට යළි ඉන්දියාවට ගෙන්වාගත් වූහාන් සරසවියේ වෛද්‍ය සිසුවියක් මෙසේ යළි කොරෝනා ආසාදනයට ලක්ව ඇති බවයි.
ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා ලෙස ප්‍රකට වූ ඇය රෝගී වූ පළමු අවස්ථාවේ දින 20ක් පුරා ප්‍රතිකාර ලැබ සුවය ලබා තිබුණා.
පසුගියදා මෙම සිසුවිය යළි රෝගීවීමෙන් පසු සිදුකළ කෝවිඩ් පරීක්ෂාවකදී ඇය ආසාදිත බවයි හඳුනාගෙන ඇත්තේ.
ඇය කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් තැනැත්තියක බව ද අනාවරණ කර තිබෙනවා.

පුවත යවන්න