ඉන්දියාව හා බංග්ලාදේශය යන දෙරටම ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ සිය බංග්ලාදේශ සංචාරය අතරතුරදී අදහස් දක්වමින්.
සියළුම ත්රස්තවාදයන්ට දෙරටම එරෙහි බව ද ඔහු මෙහිදී සදහන් කර තිබෙනවා.
බංග්ලාදේශයේ ඕර්කන්ඩි දෙවොලේ ආගමික වතාවත් සදහා ද ඉන්දීය අගමැතිවරයා මෙහිදී එක්ව තිබුණා.
ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ඉන්දු – බංග්ලාදේශ සබදතා ඉහළම තලයකට ළගාවී ඇති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.