ඉන්දීය මිසයිල ප්‍රහාරයේ විමර්ශන ගැන පකිස්ථානයේ අප්‍රසාදය

මාර්තු 9 වන දින පාකිස්තාන භූමියට ඉන්දියාවේ සිට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ පරීක්ෂණය අවසන් කිරීම පකිස්ථානය විසින් හෙළා දැක තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැහැදිලි විමර්ශනයක් අත්‍යාවශ්‍ය බවයි පකිස්ථාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේ.

ඉන්දීය ගුවන් හමුදාව අඟහරුවාදා සිය විමර්ශනය අවසානයේ කියා සිටියේ මාර්තු මාසයේදී අහම්බෙන් පාකිස්තානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් තිදෙනෙකු සේවයෙන් පහ කළ බවයි.

කෙසේ වෙතත් මෙය සැක සහිත තත්ත්වයක් බවට පකිස්ථානය චෝදනා එල්ල කර තිබෙනවා.

පුවත යවන්න