ඉන්දී්‍ය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර 2ක සිර දඩුවමක්

අපහාස නඩුවක් සම්බන්ධයෙන් වරදකරු වීම මත ඉන්දීය විපක්ෂනායක රාහුල් ගාන්ධි වෙත වසර 2ක සිර දඩුවමක් නියම කිරීමට ගුජරාට් ප්‍රාන්තයේ සූරත්හි අධිකරණය නියෝග කර තිබෙනවා.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉලක්ක කර ගනිමින් “සියළුම සොරුන්ට මෝදි යන නාමය ඇත්තේ කවර හේතුවක් මත දැයි” 2019 වසරේ දී සිදුකළ ප්‍රකාශයක් මත භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී පූර්ණේෂ් මෝදි විසින් මෙම නඩුව පවරා තිබුණා.
2019 ලෝක් සභා මැතිවරණයට පෙර කර්නාටක ප්‍රාන්තයේ කෝලාර් හි පැවති රැලියක් අමතමින් දූෂණ චෝදනා මත පලාගිය ව්‍යාපාරිකයන් වන නිරාව් මෝඩි සහ ලලිත් මෝඩි සම්බන්ධ කරමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි අධිකරණයට දන්වා තිබුණේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි වරදකරු කරනු ලැබු අතර දින 30ක කාලයක් තුල අභියාචනයක් සඳහා ඉඩ සලසමින් ඇප මත මුදාහැර තිබුණා.
මේ සමග රාහුල් ගාන්ධීට සහාය පල කරමින් කොන්ග්‍රස් පක්ෂ ආධාරකරුවන් වීථි බැස සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.

පුවත යවන්න