පසුගිය වසරේ ජූලි මාසයේ සිට මෙම වසරේ ජනවාරි දක්වා ඩීසල් සහ පෙට්‍රල් නැව්ගත කිරීම් 12 ක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තවමත් චිනය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 390 ක් ණය වී සිටින බව මෙරට චීන තානාපතිවරයා හෙළිකර තිබෙනවා.
කොළඹදී මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති සංවාදයකදී තානාපතිවරයා පැවසුවේ චීන සමාගමක් ජාත්‍යන්තර ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා තරඟකාරී මිලකට ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයූ බවයි.
මෙම කාලය තුළ සමාගම නැව්ගත කිරීම් 19 ක් ලබාදුන්නද ලංකාව ගෙවීම් සිදු කර ඇත්තේ නැව් හතකට පමණක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
තමන් කිසිවිටෙක මේ පිළිබද සාකච්ඡා කිරීමට අදහස් නොකළ නමුත් මාධ්‍යවේදීන්ගේ විමසීම් මත මෙම අනාවරණය සිදුකරන බවද දැනුම් දී තිබුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ කටයුතු වර්ධනය කිරීම චීනය සමීපව නිරීක්ෂණය කරන බවත් ඊට අදාළ නියමයන් සහ කොන්දේසි සඳහා පිළිබද බලා සිටින බවත් තානාපතිවරයා පැවසුවා.
කෙසේ වෙතත්,දෙරටේ මූල්‍ය බලධාරීන් අතර මූල්‍ය සහයෝගීතාව සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරම චීනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට සහතික කර තිබුණා.
චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය බොහෝ කාලයක් පැවත තිබුණද , ශ්‍රී ලාංකිකයින්ට ඉක්මනින් අමතක වන බවත් ඔවුන්ට මතක ඇත්තේ නරක දේවල් මිස හොඳ දේ නොවන බවත් දේශපාලනඥයෙකු තමාට පැවසූ බවයි තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.