ඉන්ධන පෝලිමක රැඳීසිටි අයෙකු රියදුරු අසුන තුළදීම මිය යයි

ඉන්ධන ලබාගැනීම සඳහා හිනිදුම තවලම ඉන්ධන පිරවුම්හල අසළ පෝළීමේ රැඳීසිටි අයෙකු අද (11) උදෑසන රියදුරු අසුන තුළදීම මියගොස් ඇති බව හිනිදුම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ හබරකඩ තවලම බදුවත්ත ප්‍රදේශයේ පදිංචි සඳගොඩ පතිරණගේ තිලක් කුමාර නැමැති 43 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද (11) අලුයම 4.30 ට පමණ වාහනයෙන් පැමිණ ඉන්ධන පිරවුම්හලේ පෝළිමට එක්ව සිට තිබුණා.

ඉන්ධන පෝලිමේ පැය 2ක් පමණ රැදී සිටීමෙන් පසු මෙම වාහනය ඉදිරියට නොගැනීම නිසා එහි සිටි පිරිස් සිදුකළ පරීක්ෂාවකදීයි මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව තහවුරු කර ඇත්තේ.

පුවත යවන්න