
ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන සැළසීමට හැකි සෑම උත්සහයක්ම දරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
මුදල් අමාත්‍යධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමත් සමග ආශිර්වාද ලබා ගැනීම සදහා ඛෙල්ලන්විල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීයෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
ජනාධිපතිවරයා රටේ ආර්ථිකය පිළිබද සළකා බලා කටයුතු කරනු ඇති බවයි බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ.
තමන් කිසිවිකට සිදුකරන සැලසුම් හෙළි නොකළ බවත් ජනතාවට ඉදිරියේදී ප්‍රථිපල දැකගත හැකි වනු ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.