ඉන්ධන හිඟයෙන් බස් ගමන් නවතී

රටේ පවතින ඩීසල් හිඟය හේතුවෙන් 250ක පමණ දෛනිකව ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇති බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ප්‍රකාශ කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමන වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් ඉන් මේ වන විට ධාවනය වන්නේ 2000 ක පමණ ප්‍රමාණයක් බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්වය දිගටම පැවතුනහොත් බස් ධාවනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී මගීන්ට දැඩි අසීරුතාවයකට මුහුණදීමට සිදුවනු ඇති බව ඔහු පැවසීය.

බස් රථය එක් ගමනාන්තයකට පැමිණ අනෙක් ගමනාන්තය සඳහා යාමට ඉන්ධන නොමැති වීමේ අවස්ථාද පවතින බවත් ඩීසල් හිඟය බස් රථ ධාවනයට දැඩිව බලපෑම් එල්ල වන බවත් මේ හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩනයට පත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පුවත යවන්න