Skip to content

රටපුරා ක්‍රියාත්මක විරෝධතා හමුවේ යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.
ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් පහා කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගැනීමත් සමග ක්‍රියාත්මක විරෝධතා ඉහළ ගොස් තිබෙනවා.
ඔහු යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහිව අදහස් පළ කළ බවයි වාර්තා වන්නේ.
ක්‍රියාත්ම කිරීමට යෝජිත අධිකරණ ප්‍රතිසංස්කරණ හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.
ඊට විරෝධය පළ කරමින් එරට වෘත්තීය සමිති දැවැන්ත වැඩවර්ජනයක් ද ක්‍රියාත්මක කළා.
ගුවන් තොටුපළ, බැංකු, රෝහල් හා වෙළදසැල් ඇතුළු අංග රැසක් මෙහිදී ක්‍රියාත්මක නොවු බවයි වාර්තා වන්නේ.