උණුසුම් වූ පාර්ලිමේන්තුව හෙටට කල් යයි

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තබා තිබෙනවා.

ඒ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට අදාළව ජන්ද විමසීමක් පැවැත්වීමට තීරණය කිරීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගැනීම හේතුවෙනුයි.
ඒ නව ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුලු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සභා ගැබේ විරෝධය පල කිරීම සමගයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරපත් කළ අතර එම යෝජනාව විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් අනුමත කරනු ලැබුවා.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශ කියවීමෙන් පසු න්‍යාය පත්රයාවේ වෙනත් කිසිඳු කටයුත්තක් නොමැති බැවින් මීලග දිනට සභාව කල් තැබිය යුතු යයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කළ අතර එහිදීද සභාව උණුසුම් වුණා.

මේ අතර නව ආණ්ඩුවට බහුතරයක් නොමැති බවයි කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ සදහන් කළේ.