උතුරු කොරියාවෙන් අනතුරු ඇගවීමක්

අමෙරිකාව පොරොන්දු ඉටු නොකරන්නේ නම් යලිත් දරදඩු පියවරක් වෙත යාමට සිදුවන බව උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
න්‍යෂ්ඨික වැඩිපිලිවෙල අත්හරින්නේ නම් තම රටට පැනවූ සම්බාධක ඉවත් කරන බවට අමෙරිකාව පොරොන්දු වුවද ඒවා මෙතෙක් ඉටුව නොමැති බවයී උතුරු කොරියානු නායකයා පවසන්නේ.
ඒ අනුව අමෙරිකාව වහාම පොරොන්දු ඉටු කර තම රටට සාදාරණයක් ඉටු කළ යුතු බවද ඔහු තර්ජනාත්මකව අවධාරණය කර තිබෙනවා.

W3Schools