Skip to content

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිපදවිමේ ක්‍රියාවලිය වේගවත් කර ඇති බව ඇමෙරිකාව පවසනවා.
පෙන්ටගනයට ලැබුණු චන්ද්‍රිකා ඡායාරූප අනුව මේ බව හෙළිකරගෙන තිබෙනවා.
චන්ද්‍රිකා ඡායාරූප වලින් නිරීක්ෂණය වී ඇත්තේ උතුරු කොරියානු න්‍යෂ්ටික පරීක්ෂණ සිදු කරන යොන්ග්බියොන් පරීක්ෂණාගාරය තුළ ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය සතියේ උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල සඳහා භාවිත කරන තම නව න්‍යෂ්ටික යුද ශිර්ෂ ප්‍රදර්ශනය කළා.
උතුරු කොරියානු නායක කිම්ජොන්ග් උන් න්‍යෂ්ටික අවි නිපදවීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත්ව සිදු කරන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ඇමෙරිකාව පවසනවා.