එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න අඛණ්ඩව

කොළඹ වරාය නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ සිංගප්පූරු එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.

එබැවින් මුහුදු සැතපුම් පනහක පමණ දුරකට නෞකාව ගෙනයාමට නාවුක හමුදාව සැලසුම් කර තිබේ. ඒ ඇතිවිය හැකි පරිසර හානිය අවම කිරීමේ අරමුණින්. නෞකාව කොළඹ වරායට සැතපුම් 9.5ක දුර සීමාවේ දී ගිනි ගැනීමට ලක්විය.

කොළඹ ප්‍රදේශයේ ඊයේ රාත්‍රී දැඩි සුළං තත්වයක් පැවතීම හේතුවෙන් නෞකාවේ ගින්න වර්ධනය වී තිබේ. නෞකාවේ තිබූ බහලුම්වල ඇති රසායන ද්‍රව්‍ය හේතුවෙන් ගින්න තවත් පැතිරයාමට පටන් ගෙන ඇතැයි වාර්තා වෙයි. නෞකා කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකු ගලවා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව හා ඊට අදාළ මෙහෙයුම් සිදුකරන කණ්ඩායම් සමත් විය. කෙසේ වුවද, එක් අවස්ථාවක දී බහලුම්වලට ගිනි ගැනීමේ දී සිදුවූ පිපිරීම නිසා දෙදෙනෙකු බරපතල තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

පුවත යවන්න