එජාපයට එරෙහි වූ අයට ‘වරදට සමාව’

එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කිරීමෙන් පසුව සමගි ජන බලවේගය ඇතුළු වෙනත් පක්ෂයන්ට සහාය ලබා දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට තවත් පොදු සමා කාලයක් ලබා දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

මේ වන විටත් ගම්පොළ නගර සභාවේ නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් යළිත් පක්ෂයට එක් වී ඇති බව පෙන්වා දුන් අබේවර්ධන පැවසුවේ ඉදිරිපත් නොවන අය වෙනුවෙන් අලුතින් නම් ගැසට් කර ලබන 22 වැනිදා දිවුරුම් දෙන බවයි.

සමගි ජන බලවේගයට සහාය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කිරීම වළක්වන්වැයි පළාත් පාලන මන්ත්‍රීවරුන් 69 දෙනකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පුවත යවන්න