එන්නත් ගන්න ආ ජනතාවට බැටන් ප්‍රහාර දීම ගැන විමර්ශනයක්

කොරෝනා එන්නත් ලබාගැනීමට පැමිණ සිටි ප්‍රදේශවාසීන්ට වැලිගමදී පොලීසිය විසින් බැටන් ප්‍රහාර එල්ල කළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකල අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මහතා කටයුතු කර ඇති බවයි.
මාතරල වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේදී පසුගිය 01 වනදා එම සිද්ධිය හටගත්තා.
එම මධ්‍යස්ථානයට රැගෙනවිත් තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන්වීම හේතුවෙන් එන්නත්කරණ කටයුතුවලට බාධා එල්ලවී තිබූ අතර එන්නත් අවසන් වූ බව දැනුම් දී තිබුණත් ජනතාව දිගින් දිගටම එහි රැඳීසිටීම නිසා පසුව පොලීසිය කැඳවා තිබෙනවා.
ඒ අනුව එම ස්ථානයට පැමිණි වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ගම්වාසීන් ඉවත්කිරීමට කටයුතු කළ අතර එහිදී ඇතැම් පිරිස් පොලිසියේ බැටන් ප්‍රහාරයන්ට ලක්වන අයුරු මාධ්‍ය විසින් වාර්තා කළා.

පුවත යවන්න