එමීර් රාජ්‍යයට ඇතුළුවීම ලාංකිකයන්ට තාවකාලිකව තහනම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල සිට සංචාරකයින් පැමිණීම අත්හිටුවා තිබෙනවා.

එරට ජාතික හදිසි අර්බූද හා ආපදා කළමනාකරණ අධිකාරිය අද නිවේදනය කර ඇත්තේ, මෙම සංචාරක තහනම ලබන 12 වනදා සිට බලපැවැත්වෙන බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා වෛරස ව්‍යාප්තිය පැතිරයාම පාලනය කිරීමේ පූර්ව සූදානමක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරවැසියන්, එකී රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත නිලධාරීන්, ව්‍යාපාරික ගුවන් ගුවන් ගමන්වල නිරත පිරිස්   ඇතුළු සුවිශේෂි කණ්ඩායම් කිහිපයක්   මෙම නව නීතියෙන් නිදහස් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් එලෙස නිදහස් කර ඇති අය දින 10 ක් නිරෝධායනය වියයුතු අතර ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයකට භාජනය විය යුතු යි.

රට තුළට ඇතුළු වී සිව් වන හෝ 8 වන දිනවලදී තවදුරටත් PCR පරීක්ෂණවලට ද භාජනය විය යුතු වනවා.

පුවත යවන්න