එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානය රදවා ගැනීමේ සිද්ධියට අදාළ චෝදනාවට ලක්ව සිටින කොළඹ වානිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ගුවන්යානය රදවා තබා ගැනීමේ සිද්ධියට අදාළ කොළඹ වානිජ මහාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්රියාවේ යෙදවීමේදී අධිකරණ ක්‍රියාවලිය අයුතු ලෙස යොදවාගෙන ඇති බවට පිස්කල් නිලධාරිවරයාට චෝදනා එල්ල වුණා. ඒ අනුව කොළඹ වානිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.
මෙම සිද්ධියට අදාළ නීතිඥවරයාට එරෙහිව පියවර ගැනීම සුදුසු බව අගවිනිසුරුවරයාට දැනුම්දීමට ද අධිකරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා.