ඔමික්‍රොන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කොරෝනා ප්‍රභේදය වීමේ අවදානමක්

ක්වීන්ස්ලන්තය සහ වික්ටෝරියා ප්‍රාන්ත දෙකෙන්ම පළමු Omicron ආසාදිතයින් වාර්තා වීමෙන් පසු Omicron කොවිඩ් ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වීමට ඉඩ ඇති බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

සිඩ්නි නුවර pub trivia night වෙත ගිය පුද්ගලයින් 44 දෙනෙකු හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඔවුන්ගෙන් කිසිවෙකුට නව Omicron ප්‍රභේදය ආසාදනය වී ඇතිද යන්න තවමත් පැහැදිලි නැත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් Omicron ආසාදිතයින් 8 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව ප්‍රාන්තයේ Omicron ආසාදිතයින් සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගොස් ඇත.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට නම් අනෙක් සියල්ලන්ම මෙන් කොවිඩ් එන්නත් කිරීම පිළිබඳ නීති රීතිවලට ටෙනිස් ශූර Novac Djokovic ද අනුකූල විය යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

COVID-19 සංඛ්‍යා දත්ත

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,232 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 420 ක් හමුවී ඇති අතර එක් කොවිඩ් මරණයක්ද වාර්තා වේ.

මේ අතර ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 4 ක් ද වාර්තා වේ.

පුවත යවන්න