ඔමික්‍රොන් ව්‍යාප්තිය පිළිබද අනතුරු ඇගවීමක්

ඔමික්‍රොන් ප්‍රභේදයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇගවීමක් සිදුකර තිඛෙනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ග්‍රෙබියේසස් සඳහන් කළේ රටවල් 77කින් ඔමික්‍රොන් ආසාදිතයින් වාර්තා වී ඇති බවයි.

ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා නොවුවද තවත් බොහෝ රටවල ආසාදිතයින් සිටිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අනෙක් ප්‍රභේදවලට වඩා මෙම ප්‍රභේදය ව්‍යාප්තිය වැඩි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

 

පුවත යවන්න