ඊයේ (16) හඳුනාගත් නව ඔමික්‍රෝන් ආසාදිතයින් අතරින් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පැවසුවේ, හඳුනා ගත් අනෙක් පුද්ගලයා විදේශිකයෙකු බවයි.
නව ආසාදිතයින් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් පිළිබඳ වසංගත රෝග විද්‍යා ඒකකයේ මෙහෙයවීමෙන් අඛණ්ඩ විමර්ශන ක්‍රියාත්මක බව ද සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඊයේ හඳුනා ගත් නව ආසාදිතයින් තිදෙනා සමග මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4කි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ ක්රයාවලියෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය සෙවිය නොහැකි බවයි.
ඒ සඳහා මෙරටට පැමිණෙන සියලු විදේශිකයින්ගේ ජාන විශ්ලේෂණය කිරීමට සිදු වන බව ත් එය ප්‍රායෝගික නොවන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඒ අනුව දැනට සිදුකළ යුතුව ඇත්තේ, සියලු සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තමන්ට වෛරසය වැළඳීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමට කටයුතු කිරීම බවයි.
මේ අතර පෙරේදා සිදුවූ කොරෝනා මරණ 21 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළේ ය.
ඊයේ දිනය තුළ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 758 කි.