ඔස්ට්‍රේලියාවේ PR ලබාගත හැකි රැකියා අංශ අටේ අවම ලකුණු නිකුත් කරයි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සඳහා නවතම තොරතුරු යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව වික්ටෝරියානු 190 සහ 491 වීසා සඳහා 2022 ජනවාරි මාසයේදී ලැබුණු Registrations of Interest හෙවත් ROI ප්‍රමාණය සහ ඒවායින් වීසා නාමයෝජනා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී සලකා බැලු අවම ලකුණු මට්ටම පිළිබඳ තොරතුරු වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වන විට නිකුත් කර ඇත.

2022 ජනවාරි – වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා නාම යෝජනා

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 190 වීසා කෝටාව 3,500 කි.

190 වීසා යනු සෘජුවම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන ස්ථිර වීසා බලපත්‍රයකි.

2022 ජනවාරි 31 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 9,682 ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 1,640 ක් ඉදිරිපත් කර ඇත.

2022 ජනවාරි – වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා නාම යෝජනා

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 491 වීසා කෝටාව 500 කි.

2022 ජනවාරි 31 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 1,503 ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 307 ක් ඉදිරිපත් කර ඇත.

491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.

මේ හරහා 191 වීසා නමැති ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන වීසා සඳහා අයදුම් කළ හැකිවේ.

Target sectors වලට අනුව ලැබී ඇති ROI සහ සලකා බැලූ අවම ලකුණු

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors හෙවත් ඉලක්කගත අංශ 8 ක් යටතේය.

ඒ ඒ ඉලක්කගත අංශ වෙත ජනවාරි මාසය වන විට ලැබුණු ROI සහ ඒවා සඳහා වීසා නාම යෝජනා දීමට සලකා බැලූ අවම ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ.

01. Advanced Manufacturing

190 වීසා සඳහා ලැබුණු ROI – 893

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 85

491 වීසා සඳහා ලැබුණු ROI – 106

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 90

02. Agri-food

190 වීසා සඳහා ලැබුණු ROI – 356

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 80

491 වීසා සඳහා ලැබුණු ROI – 103

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 90

03. Creative Industries

190 වීසා සඳහා ලැබුණු ROI – 51

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – සඳහන් නොවේ

491 වීසා සඳහා ලැබුණු ROI – 02

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – සඳහන් නොවේ

04. Digital

190 වීසා සඳහා ලැබුණු ROI – 2,237

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 95

491 වීසා සඳහා ලැබුණු ROI – 290

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 90

05. Health

190 වීසා සඳහා ලැබුණු ROI – 3,527

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 80

491 වීසා සඳහා ලැබුණු ROI – 367

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 65

06. Life Sciences

190 වීසා සඳහා ලැබුණු ROI – 342

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 90

491 වීසා සඳහා ලැබුණු ROI – 36

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 75

07. Medical Research

190 වීසා සඳහා ලැබුණු ROI – 205

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 75

491 වීසා සඳහා ලැබුණු ROI – 04

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – සඳහන් නොවේ

08. New Energy, Emissions Reduction and Circular Economy

190 වීසා සඳහා ලැබුණු ROI – 896

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 90

491 වීසා සඳහා ලැබුණු ROI – 79

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය – 80

(SBS Australia )

පුවත යවන්න