කොරෝනා ව්‍යාප්තියේ තීරණාත්මක අවධියකට රට ගමන් කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ නව ඩෙල්ඩා ප්‍රභේදය වැඩි වශයෙන් බස්නාහිර පළාත තුළ ව්‍යාපත්ත වෙමින් පවතින බවයි.
ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික්කය ප්‍රධාන තැනැක් ගන්නා බවත් ගම්පහින් දිනක් තුළ නව ආසාදිතයින් 1000ක් පමණ හදුනාගැනෙන බවත් ඔහු පැවසීය.
කෙසේවෙතත් දත්ත වාර්තා කිරීමේදී පරස්පරතා දක්නට ලැඛෙන බව ද උපුල් රෝහණ මහතා සදහන් කළා.
අනවශ්‍ය එන්නත් ආරක්ෂණ මනසක් ජනතාව තුළ පවතින බවත් එයද රෝගය ව්‍යාප්තිය ට හේතුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.