ප්‍රංශය තුල විරෝධතා වර්ධනය කළ ,ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ප්‍රංශ ජාතික සභාවේ නීති සම්පාදකයින් විසින් සම්මත කර තිබෙනවා.
ඒ මහජනතාව සිදුකරන දැඩි විරෝධතා නොතකා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක් පරාජය කරමිනුයි.
මධ්‍යවාදී සභාගයක් විසින් ගොනු කරන ලද පළමු විශ්වාසභංගයට ජන්ද 287ක් හිමිවූ අතර එය ආණ්ඩුව පෙරලා දැමීමට ජන්ද 9කට අවමවීමක් මත යෝජනාව නිෂ්ප්‍රභවී තිබුණා.
දක්ෂිණාංශික ජාතික රැලි පක්ෂය විසින් ගොනු කරන ලද දෙවන යෝජනාවට ජන්ද 94ක් පමණක් හිමිව තිබෙනවා.
මේ වන විට ප්‍රංශය පුරා කළහකාරී තත්ත්වයන් වාර්තාවන අතර වෘත්තිකයන් කණ්ඩායම් රැසක් සේවයෙන් ඉවත්ව සිටින්නේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිවයි.
විශ්‍රාම ලබන වයස් සීමාව වසර 62 සිට 64 දක්වා වර්ධනය මෙම තත්ත්වයට බලපා තිබෙනවා.