ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලූ පෙත්සම යළි කැදවීම 3 වනදා

විශ්වාස භංගයෙන් පරාජයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම සහ මන්ත්‍රීවරුන් ඇමැති ධුරවල කටයුතු කිරීම වලක්වාලන ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනු කළ පෙත්සම ලබන මස 3 වනදා තෙක් අද කල් තැබුණා.
පෙත්සම අද විභාගයට ගැණුනේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේදීයි.
අද දිනයේදී පෙත්සම්කාර පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය පෙත්සමට අදාළව අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.