කිරිපිටි තවත් රු.300කින් ඉහළට ?

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 300 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සූදානම් වනවා.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 120 කින් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ලෝක වෙළඳපොළේ කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 5,500 දක්වා ඉහළ ගොස් ඇතැයි, කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඔවුන් පවසන්නේ එවැනි පසුබිමක් තුළ කිරිපිටි මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

පුවත යවන්න