කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ඊයේ (27) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා විය.
මේ අතර, කොළඹ වරායේ සිරවී ඇති ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය මුදල් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණයකර ඇත.
එම තීරණය අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එසේම සහල්, තොග වෙළෙඳාමට සහ සිල්ලර වෙළෙඳාමට පනවා තිබූ මිල පාලනය ද ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා විය.
ඒ අනුව, සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.
රට තුළ කෘතීම සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා සහල් මෙට්‍රික් 100,000 ආනයනය කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි. (Aruna)