කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක මළ සිරුරක් දමා ගිය පුද්ගලයා සම්බන්ධ තවත් සී සී ටී වී දර්ශන කිහිපයක් හඳුනාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
මෙම ඝාතනයේ සැකකාර ,මිය ගිය උපපොලිස් පරීක්ෂකවරයා ඉකුත් මාර්තු 01 වැනිදා සවස 04.10 ට පමණ කොළඹ පුද්ගලික බස් නැවතුම්පොළෙන් මොණරාගල බස් රථයකට ගොඩ වී යන අයුරු මෙම දර්ශනවල පටිගතව තිබෙනවා.
උප පොලිස් පරික්ෂකවරයා ඇද සිටි ටීෂර්ට් එක මාරු කර වෙනත් ටීෂර්ට් එකකින් මොණරාගල බස් රථයකට ගොඩ වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.
එදින රාත්‍රියේ පැල්මඩුල්ලේදී රාත්‍රී ආහාරය සඳහා බස් රථය නවතා ඇති බවත්, රාත්‍රී 11.30ට පමණ උප පොලිස් පරීක්ෂකවරයා බුත්තලින් බැස ගොස් ඇති බවටත් තොරතුරු වාර්තා වුණා.
සැකකරු දමා සිටි බෑගයේ කාන්තාවගේ හිස තිබී යම් ස්ථානයකදී විසි කර දැම්මා ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි.