බරපතල මට්ටමේ කොරෝනා අවදානමකට මුහුණ දී සිටින ඉන්දියාව ,කොරෝනා වසංගතය උත්සන්න වන නේපාලයට හදිසි වෛද්‍ය ආධාර පිරිනමා තිබෙනවා.
යාහූ පුවත් සේවය වාර්තා කළේ , ගිලන් රථ 39 ක් හා හදිසි ප්‍රතිකාර ඒකක කට්ටල 6ක් නේපාලයට යොමුකර ඇති බවයි.
මේ වන විට ඉන්දියාව ලෝකයේ බරපතලම කොරෝනා අවදානමට ලක්ව සිටින අතර නේපාලයේ ද එම තත්ත්වය වර්දනය වෙමින් පවතිනවා.
එම තත්ත්වය මත නේපාලයට උපරිම සහාය ලබා දෙන බවයි ඉන්දීය රජය අවධාරණය කළේ.