කොරෝනා ආසාදිත එකම පවුලේ තිදෙනෙක් මියයයි

කොරෝනා  ආසාදිතව අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි  අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් මියගොස් ඇති බව තලංගම පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ අවුරුදු 82ක අසල්වැසි නිවසක ජීවත්වූ ඔවුන්ගේ ඥාති කාන්තාවකි.

මිය ගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර ඔහුගේ බිරිද විශ්‍රාමික හෙදියකි.

මිය ගිය අනෙක් වයෝවෘද්ධ කාන්තාව මිය ගිය අඹුසැමි යුවළගේ දියණියගේ සැමියාගේ මව බව පොලීසිය පවසයි.

පුවත යවන්න