කොරෝනා ආසාදිත දරුවන් රෝහල්ගත කිරීම ඉහළ යයි

මේ දිනවලදී කොවිඩ් වෛරසය වැළදී දෛනිකව රෝහල් ගත කෙරෙන දරුවන් ප්‍රමාණයේ වැඩි වීමක් පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි.

කොවිඩ් වසංගතය හා සමානව මේ දිනවල පැතිර යන තවත් වෛරස් උණ රෝග තත්වයක් සහ ඩෙංගු රෝගයද පවතින බැවින් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද දෙමවිපිය අවධානය වැඩි වශයෙන් යොමුවිය යුතු බව රෝහල් අධක්ෂ වෛද්‍ය ජී විජෙසූරිය මහතා අවධාරණය කලේය.

උණ රෝගයක් වැළදී සුවය ලැබූ දරුවන්ට දින 14කට පසු නැවතත් උණ / ඇස් රතුවීම / වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයිනම් වහාම රෝහල් වෙත රැගෙන යා යුතු බව ඔහු දෙමව්පියන්ට අවධාරණය කරයි.

පුවත යවන්න