කොරෝනා එන්නත් ගත් අය දුම්වැටි,මත්පැන් පානය අවදානම් /වෛද්‍ය සමාධි රාජපක්ෂ

කොරෝනා එන්නතක් ලබා ගත්ත ද , දුම්පානය හා මත්පැන් පානය කරන පුද්ගලයින්ට කොරෝනා වැළදීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ රටවල් ගණනාවක සිදුකරන ලද අධ්‍යයන අනුව මේ බව තහවුරුව ඇති බවයි.
කොරෝනා එන්නතක් ලබාගත්තේ නම් අවම වශයෙන් මාස හයක්වත් දුම්පානය හා මත්පැන් පානයෙන් වළකින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
දුම්වැටි තුල විෂ ද්‍රව්‍ය 600 ක් පමණ ඇති අතර එය පිළිස්සීමේදී රසායනික 7000 ක් පමණ නිපදවනු ලබනවා.
ඒ අතරින් 69 ක් පළමු පෙළේ පිළිකා කාරක හා ප්‍රතිශක්තීකරණය දුර්වල කරන රසායනිකයන් වනවා.
කොරෝනා වෛරසය ශ්වසන පද්ධතියට පහර දෙන අතර දුම්පානය මගින් පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය තවත් දුර්වල කිරීමයි මෙම අවදානම වර්ධනයවීමට මූලික වන්නේ.
මත්පැන් වර්ග ද අක්මාවට කෙලින්ම බලපාන අතර එය ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩු කිරීමට එය හේතුවක් වනවා.
එබැවින් කොරෝනා එන්නතක සජීවී භාවය රදවා ගැනීමට නම් දුම්පානය හා මත්පැන් පානය සීමා කළ යුතු බවයි වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවේ.

පුවත යවන්න